රූට් හා පෝප් වාර්තා කළ ශතක එංගලන්තය ස්ථාවර කරයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය අද(12) නිමා වුණේ දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමි කර දෙමින්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනය නිමා කළේ කඩුලු 5ක් දැවී ලකුණු 473ක් ලබා ගනිමින්.

ඔලී පෝප් හා ජෝ රූට් ශතක වාර්තා කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළා. පෝප් ලකුණු 145ක් රැස් කළේ හයේ පහර 3ක් හා හතරේ පහර 13ක් සමගින්.

සිය 27 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ රූට් නොදැවී ලකුණු 163ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔහුගේ ඉනිම හතරේ පහර 25කින් වර්ණවත් වුණා.

ඇලෙක්ස් ලීස් ලකුණු 67ක් හා නායක බෙන් ස්ටොක්ස් ලකුණු 46ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 89කට කඩුලු 3ක් දවා ගත් අතර, මැට් හෙන්රි හා මයිකල් බ්‍රේස්වෙල් එක් කඩුුල්ල බැගින් බිද හෙලුවා.

නොටින්හැම්හි පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 553ක්.

සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් පන්දු 318කින් ලකුණු 190ක් ලබා ගත්තා. හයේ පහර 4ක් හා හතරේ පහර 23ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ටොම් බ්ලන්ඩල් ලකුණු 106යි.

පන්දු යැවීමේ දී ජේම්ස් ඇන්ඩර්සන් කඩුලු 3ක් දවා ගත් අතර, ස්ටුවට් බ්‍රෝඩ්, බෙන් ස්ටොක්ස් හා ජැක් ලිච් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 80 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...