ලකුණු 53ක ජයක් සමගින් පාකිස්තානයට 3-0ක පූර්ණ තරගාවලි ජයක්

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තානය සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානය ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 53ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මුල්තාන් හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන ඉනිමට දූවිලි කුණාටුවකින් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 48කට සීමා කිරීමට සිදු වුණා. ඒ අනුව පාකිස්තානය නියමිත පන්දුවාර 48 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 269ක් ලබා ගනිමින්.

ඉම්මා උල් හක් ලකුණු 62ක් හා ෆකාර් සමාන් ලකුණු 35ක් වාර්තා කරමින් පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 85ක සබදතාවයක් ගොඩ නගමින්.

කෙසේ වෙතත්, අනතුරුව ඔවුන්ගේ මැදපෙල කඩා වැටීමක් සිදු වූ අතර, 5 වැනි කඩුල්ල ලකුණු 117දී බිද වැටුණා.

පසුව කුෂ්දිල් ශාහ් හා ශඩාබ් ඛාන් 6 වැනි කඩුල්ල සදහා ලකුණු 84ක සබදතාවයක් ගොඩ නගමින් පාකිස්තාන ඉනිම ගොඩ නැගුවා.

කුෂ්දිල් ලකුණු 34කට දැවී ගිය අතර, ශඩාබ් ඛාන් ලකුණු 86ක් වාර්තා කළේ පන්දු 78කින්.

විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ නායක නිකලස් පූරාන් ලකුණු 48කට කඩුලු 4ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 37.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 216ක් පමණයි.

අකීල් හොසේන් පන්දු 37කින් ලකුණු 60ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ශඩාබ් ඛාන් ලකුණු 62කට කඩුලු 4ක් දවා ගත් අතර, හසන් අලී හා මොහොමඩ් නවාස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...