ක්ලාසීන්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ දකුණු අප්‍රිකාව 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගනියි

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය තරග 2-0ක් ලෙස පෙරමුණ ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අද(12) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති දෙවැනි විස්සයි විස්ස තරඟයෙන් දකුණු අප්‍රිකාව කඩුලු 4ක ජයක් වාර්තා කරමින්.

කටක් හි දී පැවති තරගයේ කාසිය වාසිය දිනු දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින්.

ෂ්රෙයස් අයියර් ලකුණු 40ක් හා ඉෂාන් කිෂන් ලකුණු 34ක් රැස් කළා. මන්දගාමීව ඉදිරියට ඇදුණු ඉන්දීය ඉනිම යම් වේගවත් අවසානයක් කරා රැගෙන ගිය දිනේෂ් කාර්තික් පන්දු 21කින් ලකුණු 30ක් නොදැවී ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අන්රිච් නොකියා ලකුණු 36කට කඩුලු 2ක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාව ඉනිම නිමා වීමට පන්දු 10ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පිතිකරුවන්ට එතරම් හිතකර නොවූ තණතීරුවක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමට ජයග්‍රහනයේ දොරටු විවර කළ හෙන්රිච් ක්ලාසීන් පන්දු 46ක් පමණක් වැය කරමින් ලකුණු 81ක් ලබා ගත්තා.

හයේ පහර 5ක් හා හතරේ පහර 7ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. නායක ටෙම්බා බවුමා ලකුණු 35යි. ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 20ක් රැස් කරමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී බුවනේෂ්වර් කුමාර් ලකුණු 13කට කඩුලු 4ක් දවා ගැනීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...