Watch : නිකලස් පූරාන් දවා ගත් සුපිරි කඩුලු 4 මෙන්න

Date:

සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන එක්දින ක්‍රිකට් තරගය මේ වන විට පාකිස්තානයේ මුල්තාන් හී දී පැවැත්වෙනවා.

පළමු තරග දෙකම සත්කාරක පාකිස්තාන කණ්ඩායම ජය ගත් බැවින් සිය ගෞරවය රැකගැනීමේ සටනක නිරතවීමේ අරමුණින් කොදෙව්වන් අද තරගයට පිවිසුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක බබාර් අසාම් ප්‍රථමයෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

මෙම තරගයේදී සියල්ලන් මවිතයට පත්කරමින් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ දී දෙවන වරට පන්දුව අතට ගැනීමට නායක නිකලස් පූරාන් කටයුතු කළා.

ඔහු අද තරගයට එක්වුණේ කඩුලු රකින්නෙකු ලෙස නොවෙයි.

ඒ අනුව අනර්ඝ පන්දු යැවීමක නිරත වූ පූරාන් පන්දුවාර 10 ක් සාර්ථකව ක්‍රියාත්මක කරමින් ලකුණු 48 ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්යක්.

පූරන්ගේ දඟ පන්දු හමුවේ ෆකාර් සමාන්, ඉමාම් උල් හක්, මොහොමඩ් හැරිස් සහ මොහොමඩ් රිස්වාන් වැනි මුල්පෙළ පිතිකරුවන් දැවීයාම කැපී පෙනුණා.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...