කුසල් ජනිත් ගැන අසුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු වන කුසල් ජනිත් පෙරේරාට එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ආබාධ තත්ත්වයකින් පසු වීම හේතුවෙන් කුසල් ජනිත්ට නිමා වූ ජාත්‍යන්තර තරග රැසක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඔහු අවසන් වරට ජාතික කණ්ඩායම නියෝජනය කළේ පසුගිය වසරේ පැවැති 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී යි.

එමෙන්ම දෙසැම්බර් මාසයේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියෙන් පසුව කුසල් ජනිත් මෙතෙක් කිසිදු දේශීය තරගයකට හෝ ක්‍රීඩා කර නැහැ.

ඉදිරියේ දී ඔහු උරහිසක ශල්‍යකර්මයකට ද මුහුණ දීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස් මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සදහන් කළා.

ශල්‍යකර්මයෙන් පසුව සුදුසු ශාරීරික යෝග්‍යතාවය ළගා කර ගැනීම සදහා ඔහුට යම් කාලයක් ගත වන බවත්, ඒ අනුව ලෝක කුසලානය සදහා ඔහුගේ සහභාගීත්වය අවිනිශ්චිත බවත් නවීඩ් නවාස් මහතා පෙන්වා දුන්නා.

මේ අතර, ඔස්ට්‍රේලියාව සමග අද(11) පැවැත්වෙන තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අනුපිළිවෙලෙහි වෙනසක් සිදු නොවනු ඇති බව හෙතෙම කියා සිටියා.

කණ්ඩායම ඉහළ ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට පළමු 20යි 20 තරග දෙකේ දී අසමත් වුවත්, ශ්‍රී ලංකා සහාය පුහුණුකරු සදහන් කර සිටියේ අනාගතය දෙස අවධානය යොමු කර පිතිකරුවන්ට ඔවුන්ගේ ස්ථානවල ස්ථාවර වීමට යම් කාලයක් ලබා දෙන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...