Watch : ජොෂ් ඉන්ග්ලිස් පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර තෙවැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(11) රාත්‍රී 7ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාව මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව ප්‍රවීන් ජයවික්‍රම කණ්ඩායමට කැදවා ඇත්තේ නුවන් තුෂාර වෙනුවටයි.

පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරගාවලිය ජය ගෙන ඇති නමුත්, තරගාවලිය ජයග්‍රාහීව අවසන් කරමින් තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියට ඉහළ මානසිකත්වයක් යටතේ මුහුණ දීමේ අරමුණින් ශ්‍රී ලංකාව මෙම තරගයට එක්ව සිටිනවා.

තරගයේ පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල බිද වැටුණේ ලකුණු 43 දීයි.

ඔවුන්ගේ දෙවැනි, තෙවැනි හා සිව්වැනි කඩුලු පිට පිට පන්දු 3කදී බිද වැටීම කැපී පෙනුණා.

10 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 16කට දැවී ගියා.

11 වැනි පන්දුවාරයේ පළමු පන්දුවෙන් ඩේවිඩ් වෝනර් දැවී ගියේ ලකුණු 39ක් ලබා සිටියදීයි.

අනතුරුව පිටියට පිවිසි ජොෂ් ඉන්ග්ලිස් පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී ගියා.(දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...