ආබාධ නිසා ක්‍රීඩකයින් ‍දෙදෙනෙකු සංචිතයෙන් ඉවතට ; ආදේශක දෙකකුත් නම් කෙරේ

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයින් දෙදෙනකු වන කසුන් රාජිත හා මතීෂ පතිරණ ආබාධවලට ලක්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද(11) නිවේදනය කළා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් කිරීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

පුහුණුවීම් අතරතුර දී එම ක්‍රීඩකයින් දෙදෙනා මෙලෙස ආබාධවලට ලක්ව ඇති බව සදහන්.

මතීෂ පතිරණ දකුණු වැලමිටෙහි ආබාධ තත්ත්වයකට ගොදුරු වී ඇති බවත්, කසුන් රාජිත වම් උකුල ආශ්‍රිතව ආබාධයකට ලක්ව ඇති බවත් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ක්‍රීඩකයින් දෙදෙනාම මේ වන විට ආබාධ සුව කර ගැනීම සදහා පුනරුත්තාපන කටයුතු සදහා යොමු කර තිබෙනවා.

මේ අතර, මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ ආබාධ හේතුවෙන් 20යි 20 සංචිතයට ආදේශක දෙකක් නම් කිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කසුන් රාජිත වෙනුවට අසිත ප්‍රනාන්දු ද, මතීෂ පතිරණ වෙනුවට ප්‍රමෝද් මදුෂාන් ද සංචිතයට කැදවා ඇති බවයි ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ.

දෙරට අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් 20යි 20 තරගය අද රාත්‍රී 7ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...