ලකුණු 120ක ජයක් සමග තරගාවලියේ ජය පාකිස්තානයට

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තානය අද(10) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තාන කණ්ඩායම ලකුණු 120ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

මුල්තාන් හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 8ක් දැවී ලකුණු 275ක් ලබා ගත්තා.

නායක බබාර් අසාම් ලකුණු 77ක් හා ඉමාම් උල් හක් ලකුණු 72ක් වාර්තා කරමින් පාකිස්තාන ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී අකීල් හොසේන් කඩුලු 3ක් දවා ගත් අතර, අල්සාරි ජෝසප් හා ඇන්ඩර්සන් පිලිප් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන්ට පන්දුවාර 32.2ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 155ක් පමණයි.

ශමාර් බෘක්ස් ලකුණු 42ක්, ක්යල් මේයර් ලකුණු 33ක් හා නායක නිකලස් පූරාන් ලකුණු 25ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නවාස් ලකුණු 19කට කඩුලු 4ක් ද, මොහොමඩ් වසීම් ලකුණු 34කට කඩුලු 3ක් ද දවා ගත්තා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට තරග 2-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...