විලියම්සන්ට එංගලන්තයේ දී කොරෝනා ආසාදනය වෙයි

Date:

එංගලන්තය සමග අද(10) ආරම්භ වන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව නවසීලන්ත නායක කේන් විලියම්සන්ට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

ඒ අනුව ටොම් ලේතම් මෙම තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇති.

විලියම්සන් වෙනුවට හැමිෂ් රදර්ෆර්ඩ් නවසීලන්ත සංචිතයට ආදේශ කිරීමට ද පියවර ගෙන තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා කේන් විලියම්සන්ට දින පහක කාලයක් හුදෙකලා වී සිටීමට සිදු වනු ඇති.

පළමු ටෙස්ට් තරගයේ දී ආබාධයකට ලක්වීම හේතුවෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට ද තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුණා.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අද නොටින්හැම් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...