Watch : ශතකලාභී හෙඩ්ගේ ප්‍රවේගකාමී ඉනිම සහන් නැවතූ හැටි

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(10) පෙරවරුවේ කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියානු A කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් වූ ට්‍රැවිස් හෙඩ් හා ජොෂ් පිලිපී පළමු කඩුල්ලට පන්දුවාර 9.1ක් තුළ වේගවත් ලකුණු 83ක් රැස් කළා.

පිලිපී ලකුණු 34(25)කට දැවී ගිය අතර, හෙඩ් පන්දු 86කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 110ක්.

ට්‍රැවිස් හෙඩ්ගේ ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 15ක් ඇතුළත්.

ඔහු දැවී ගියේ සහන් ආරච්චිගේ යොමු කළ පන්දුවක් හමුවේ ඕෂද ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් ලබා දීමෙන්.

කණ්ඩායම් දෙක අතර පැවැති පළමු එක්දින තරගයෙන් ජය වාර්තා කළේ ඔස්ට්‍රේලියානු A කණ්ඩායමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...