ඔස්ට්‍රේලියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නිවේදනය කෙරේ

Date:

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය අද(10) නිවේදනය කෙරුණා.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුළත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය දැරූ දුනිත් වෙල්ලාලගේ ද සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ඔස්ට්‍රේලියාවට එරෙහි 20යි 20 සංචිතයේ ස්ථානයක් හිමි නොවූ දිනේෂ් චන්දිමාල් ද එක්දින සංචිතයේ ස්ථානයක් හිමි කර ගෙන තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මදුෂංක ද එක්දින සංචිතයට ඇතුළත්.

ඔස්ට්‍රේලියාවට එරෙහිව පසුගියදා ප්‍රකාශයට පත් කෙරුණු ක්‍රීඩකයින් 26 දෙනෙකුගෙන් යුත් මූලික ශ්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත්ව සිටි ක්‍රීඩකයින් අතරින් මෙම සංචිතයට නම් කර නොමැති ක්‍රීඩකයින් වන්නේ අශේන් බණ්ඩාර, ජනිත් ලියනගේ, ධනංජය ලක්ෂාන්, සහන් ආරච්චි, බිනුර ප්‍රනාන්දු, ඩිල්ෂාන් මදුෂංක, ලහිරු කුමාර, කසුන් රාජිත යන ක්‍රීඩකයින්.

මූලික එක්දින සංචිතයට නම් නොකළ අසිත ප්‍රනාන්දු, නුවන් තුෂාර හා ප්‍රමෝද් මදුෂාන් යන ක්‍රීඩකයින් ද එක්දින සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

සංචිතයට නම් කර ඇති නුවන් තුෂාර, දුනිත් වෙල්ලාලගේ හා ප්‍රමෝද් මදුෂාන් මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගෙන නැහැ.

දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින තරගාවලිය එළඹෙන 14 වැනිදා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා එක්දින සංචිතය –

Dasun Shanaka (C), Pathum Nissanka, Danushka Gunathilaka, Kusal Mendis, Charith Asalanka, Dhananjaya de Silva, Dinesh Chandimal, Bhanuka Rajapaksa, Niroshan Dickwella, Wanindu Hasaranga, Chamika Karunaratne, Dushmantha Chameera, Asitha Fernando, Nuwan Thushara, Ramesh Mendis, Maheesh Theekshana, Praveen Jayawickrama, Jeffrey Vandersay, Lahiru Madushanka, Dunith Wellalage, Pramod Madushan

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...