හස්නයින්ට යළිත් ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීමට අවසර

Date:

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හස්නයින්ට යළිත් ජාත්‍යන්තර පිටියේ දී පන්දු යැවීමේ අවස්ථාව හිමිව තිබෙනවා.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පසුගිය 21 වැනිදා පාකිස්තානයේ ලාහෝර් නුවර දී සිදු කෙරුණු පරීක්ෂණයේ දී ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි බව අනාවරණය වීම හේතුවෙන්.

22 හැවිරිදි හස්නයින්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට පසුගිය ජනවාරි මාසයේ දී චෝදනා එල්ල වුණේ ඔස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් තරගාවලිය අතරතුර දී යි.

අනතුරුව පෙබරවාරි මාසයේ දී ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පන්දු යැවීමේ තහනමක් පැනවීමට කටයුතු කෙරුණා.

මේ වන විට පාකිස්තානය වෙනුවෙන් ජාත්‍යන්තර තරග 26කට ක්‍රීඩා කර ඇති හස්නයින්, එහිදී කඩුලු 29ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...