හෝල්ඩර්ට විවේකයක් ; නවකයින් තිදෙනෙකු සමග කොදෙව් ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

ජූනි 16 වැනිදා බංග්ලාදේශයට එරෙහිව සිය රටේ දී ආරම්භ වන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් තිදෙනෙකු ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.

තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් බංග්ලාදේශ කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයේ සියලු තරග සදහා ක්‍රීඩා නොකරන බව ද කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔහු විසින් විවේක කාලයක් ලබා ගැනීම සදහා කර තිබූ ඉල්ලීමකට තම ආයතනය අවසර ලබා දුන් බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

බ්‍රිතාන්‍ය ප්‍රාන්ත තරගාවලිය අතරතුර දී ආබාධයකට ලක් වූ වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් ද තවමත් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවින් මෙම සංචිතයට නම් කර නැහැ.

කෙසේ වෙතත්, ඔහු ඉදිරියේ දී ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයකට මුහුණ දීමට නියමිතව ඇති බවත්, ඉන් සමත් වුවහොත් ඔහුව සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බවත්, කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළා.

West Indies Test squad:

Kraigg Brathwaite (c), Jermaine Blackwood (vc), Nkrumah Bonner, John Campbell, Joshua Da Silva, Alzarri Joseph, Kyle Mayers, Gudakesh Motie, Anderson Phillp, Raymon Reifer, Jayden Seales, Devon Thomas

Reserves:

Tagernarine Chanderpaul, Shermon Lewis

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...