මිචෙල් හා බ්ලන්ඩල් සබදතාවය නවසීලන්තය පෙරමුණට ගෙන යයි

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අද(3) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නිමා වුණා.

තරගයේ පළමු දිනයේ දී කඩුලු 17ක් දැවී ගිය නමුත්, අද දිනයේ දි දැවී ගියේ කඩුලු 7ක් පමණයි.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබා සිටියා.

පන්දු යවන්නන් ආධිපත්‍ය පතුරුවමින් තිබූ තරගය සිය අණසක යටතට ගත් ඩැරල් මිචෙල් හා ටොම් බ්ලන්ඩල් 5 වැනි කඩුල්ල සදහා මේ වන විට ගොඩ නගා ඇති සබදතාවය ලකුණු 180ක්.

මිචෙල් නොදැවී ලකුණු 97ක් හා බ්ලන්ඩල් නොදැවී ලකුණු 90ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

අද දිනට තරගය ආරම්භ කරන විට එංගලන්තය සිය පළමු ඉනිම සදහා කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 116ක්. ඔවුන්ට සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

සැක් ක්‍රව්ලි ලකුණු 43කටත්, ඇලෙක්ස් ලීස් ලකුණු 25කටත් දැවී ගියා. ජෝ රූට් රැස් කළේ ලකුණු 11ක් පමණයි. සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාවට ළගා වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ටිම් සවුති කඩුලු 4ක් දවා ගත් අතර, ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 3ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 132ක්.

ඒ අනුව නවසීලන්තය මේ වන විට සිය දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 227ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...