අත්හැර දැමූ තරග යළි පැවැත්වීමට ක්‍රිකට් ආයතනයෙන් තීරණයක්

Date:

මේ වන විට පැවැත්වෙන ප්‍රධාන ක්‍රීඩා සමාජ පන්දුවාර 20යි 20 ලීග් ක්‍රිකට් තරගාවලියේ දී වර්ෂාව සහිත අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ තරග යළි පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව තීරණය කර තිබෙනවා.

එක් පන්දුවක් හෝ යැවීමට නොහැකි වූ තරග හා පන්දුවාර කිහිපයක් පමණක් ක්‍රියාත්මක කිරීමට සිදු වූ තරග මෙලෙස යළි පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව(Draft) සදහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේ අරමුණින් හා එළඹෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩකයින් හදුනා ගැනීමේ අරමුණින් මෙම තරගාවලිය පැවැත්වෙනවා.

සියලු ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සදහා සම අවස්ථාවක් ලබා දීම වෙනුවෙන් මෙලෙස අදාළ තරග යළි පැවැත්වීමට තීරණය කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව සංශෝදිත නව තරග කාලසටහන ද ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශයට පත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...