ශ්‍රී ලංකාව එක්දින තරගාවලියත් පරදියි

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා පාකිස්තාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද(3) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් පාකිස්තානය ලකුණු 73ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 253ක් රැස් කළා.

ආරම්භක පිතිකාරිණියන් වූ Sidra Ameen ලකුණු 123ක් හා Muneeba Ali ලකුණු 56ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 158ක්.

නායිකා Bismah Maroof නොදැවී ලකුණු 36යි.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ හා කවීෂා දිල්හාරි එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 180ක් පමණයි.

හර්ෂිතා මාධවී ලකුණු 41ක් හා කවීෂා දිල්හාරි ලකුණු 32ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Fatima Sana ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව පාකිස්තාන කාන්තා කණ්ඩායම තරග 2-0ක් ලෙස මේ වන විට එක්දින තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

එක්දින තරගාවලියට පෙර පැවැති 20යි 20 තරගාවලිය ද තරග 3-0ක් ලෙස ජය ගත්තේ පාකිස්තානයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...