පළමු 20යි 20 තරග දෙකේ ප්‍රවේශ පත්‍ර සියල්ල අලෙවි වී අවසන්

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරග දෙකේ ප්‍රවේශ පත්‍ර මේ වන විටත් අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, අදාළ තරගාවලිය සදහා ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම අද පෙරවරුවේ ආරම්භ වූ පසුබිමකයි.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා 20යි 20 තරගාවලියට තරග 3ක් ඇතුළත් අතර, පළමු තරග දෙක එළඹෙන 7 වැනිදා හා 8 වැනිදා පැවැත්වීමට නියමිතයි.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී එම තරග පැවැත්වෙන අතර, තෙවැනි 20යි 20 තරගය එළඹෙන 11 වැනිදා පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී යි.

මේ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මෙම තරග සංචාරයට සමගාමීව ඔස්ට්‍රේලියානු A කණ්ඩායම ද මෙරට තරග සංචාරයක නිරත වන අතර, ඔස්ට්‍රේලියානු A කණ්ඩායමේ සාමාජිකයින් අද අලුයම දිවයිනට පැමිණියා.

මෙම තරග සංචාරයේ දී ඔස්ට්‍රේලියානු A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර එක්දින තරග 2ක් හා සිව්දින තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග දෙක කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, සිව්දින තරග දෙක හම්බන්තොටදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

පළමු එක්දින තරගය ජූනි 8 වැනිදා පැවැත්වෙනවා. පළමු සිව්දින තරගය ආරම්භ වන්නේ ජූනි 14 වැනිදා යි.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...