ඔස්ට්‍රේලියානු සංචිතයට කොරෝනා ඇතුළු වෙයි

Date:

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(1) දිවයිනට පැමිණීමට නියමිතව ඇති අතර, ඊට පෙර සිදු කෙරුණු වෛද්‍ය පරීක්ෂණයකදීයි ප්‍රධාන පුහුණුකරුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගෙන ඇත්තේ.

වෛරසය ආසාදනය වීම නිසා ඔහුට දින 7ක කාලයක් මෙල්බර්න් නුවර හුදෙකලා වී සිටීමට සිදුව ඇති බව එරට ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඒ අනුව ඔහු අද දිනයේ දී ඔස්ට්‍රේලියානු සංචිතයේ සෙසු සාමාජිකයින් සමග මෙරටට පැමිණෙන්නේ නැහැ.

ඔහු කණ්ඩායම සමග යළි එක් වන තුරු ඔස්ට්‍රේලියානු 20යි 20 කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස සහාය පුහුණුකරු Michael Di Venuto කටයුතු කිරිමට නියමිතයි.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් ජූනි 8 වැනිදා පැවැත්වෙන දෙවැනි 20යි 20 තරගයේ සිට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග එක් වනු ඇති.

ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් එරට ප්‍රධාන පුහුණුකරු ලෙස පත් වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව ක්‍රීඩා කරන පළමු ජාත්‍යන්තර තරගාවලිය වන්නේ ශ්‍රී ලංකා තරග සංචාරයයි.

තරග කාලසටහන –

SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...