ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා දිවා රාත්‍රී තරග ගැන හා ආසියානු කුසලානය ගැන ගත් තීරණ මෙන්න

Date:

දීර්ඝ ශ්‍රී ලංකා තරග සංචාරය ආරම්භ කරමින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම අද(1) පස්වරුවේ දී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

මෙම තරග සංචාරයට 20යි 20 තරග 3ක්, එක්දින තරග 5ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත්.

මෙරට පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තරග සංචාරය නියමිත පරිදි පැවැත්වීම සම්බන්ධයෙන් ගැටලු රැසක් පසුගිය කාලයේ දී ඇතිව තිබු නමුත්, තරග සංචාරය පෙර සැලසුම් කළ ආකාරයෙන්ම පැවැත්වීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව සංචාරය යටතේ ලබන 7 වැනිදා සිට ආරම්භ වන සීමිත පන්දුවාර තරග දිවා රාත්‍රී හා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

බලශක්ති අර්බුදය හා ඉන්ධන අර්බුදය හේතුවෙන් රාත්‍රී කාලයේ දී තරග පැවැත්වීමට සම්බන්ධයෙන් මීට පෙර ගැටලුකාරී තත්ත්වයක් පැවැති නමුත්, සීමිත පන්දුවාර තරග දිවා රාත්‍රී හා රාත්‍රී තරග ලෙස පැවැත්වීමට මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව සදහන්.

ශ්‍රී ලංකාවේ පවතින අර්බුදය හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයින් මෙරට සංචාරය කිරීමට ද යම් අකමැත්තක් පල කර තිබූ බවට මීට පෙර වාර්තා පලව තිබුණා.

ඒ, ආරක්ෂක හේතූන් මත නොව සදාචාරාත්මක හේතූන් පිළිබද කරුණු ඉදිරිපත් කරමින්.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෘ මැක්ඩොනල්ඩ් හා සහාය පුහුණුකරුවෙකු වන ඩැනියල් විටෝරි අදාළ ධූරයන්වලට ස්ථීර ලෙස පත්වීමෙන් පසුව සිදු කරන පළමු සංචාරය මෙම තරගාවලියයි.

මේ අතර, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය පැවැත්වෙන ආකාරය මත පදනම්ව අගෝස්තු – සැප්තැම්බර් මාසවලදී මෙරට දී පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂායි හා ශ්‍රී ලංකා ක්‍රිකට් බළධාරීන් අතර අහ්මදාබාද් හී දී පසුගියදා සාකච්ඡාවක් ද පවත්වා තිබූ බව සදහන්.

ඒ අනුව ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලිය ගැටලුවකින් තොරව පැවැත්වීමට හැකිවුවහොත් ආසියානු කුසලාන තරගාවලිය ද මෙරට දී ම පැවැත්වීමට හැකි වනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...