හෝප්ගේ ශතකය කොදෙව්වන්ට ජය ගෙනෙයි

Date:

නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

නෙදර්ලන්තයේ Amstelveen හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේ දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් එක් ඉනිමක් පන්දුවාර 45කට සීමා කෙරුණා.

නෙදර්ලන්තය නියමිත පන්දුවාර 45 අවසන් කළේ කඩුලු 7ක් දැවී ලකුණු 240ක් ලබා ගනිමින්.

Teja Nidamanuru නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර, Vikramjit Singh ලකුණු 47යි.

පන්දු යැවීමේ දී ක්යල් මේයර්ස් හා අකීල් හොසේන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් ඉනිම නිමා වීමට පන්දු 11ක් ඉතිරිව තිබියදී ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තමන්ට හිමි වූ ලකුණු 247ක ඉලක්කය පසු කර ගියේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ෂේයි හෝප් නොදැවී ලකුණු 119ක් රැස් කළේ පන්දු 130කින්. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 12ක් සමගින්.

ශමාර් බෘක්ස් ලකුණු 60ක් ද, බ්‍රෙන්ඩන් කිං නොදැවී ලකුණු 58ක් ද ලබා ගනිමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...