දරුණු ප්‍රහාරයකට ලක් වූ දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන්නාට අසාධ්‍යයි

Date:

දකුණු අප්‍රිකානු යොවුන් වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන Mondli Khumalo දරුණු ලෙස පහරකෑමකට ලක්ව මේ වන විට අසාධ්‍යය තත්ත්වයෙන් එංගලන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ඔහු මේ වන විට 20 හැවිරිදි වියේ පසුවන අතර, බ්‍රිස්ටල් නුවර අවන්හලක් අසළ ඔහු මෙලෙස ප්‍රහාරයකට ලක්ව ඇත්තේ ඔහුගේ ක්‍රීඩා සමාජය වන North Petherton සමාජය තරග ජයග්‍රහනයක් සමරමින් සිටියදීයි.

හිසට සිදු වූ දරුණු හානි හේතුවෙන් Mondli Khumalo මේ වන විට කෝමා තත්ත්වයෙන් පසුවන බව සදහන්.

ඔහුට ශල්‍යකර්ම දෙකක් ද මේ වන විට සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැක පිට 27 හැවිරිදි පුද්ගලයෙකු බ්‍රිතාන්‍ය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...