මැතිව්ස්, චන්දිමාල්, අසිත, රාජිත ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනන අයුරින් ඉදිරියට

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(1) නිවේදනය කළා.

ඒ අනුව බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැති දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දී ක්‍රීඩකයින් දැක් වූ දක්ෂතා අනුව ශ්‍රේණිගත කිරීම්හි වෙනස්කම් කිහිපයක්ම සිදුව තිබෙනවා.

එම තරගයේ දී ලකුණු 141ක් හා 52ක් රැස් කළ බංග්ලාදේශයේ ලිටොන් දාස් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 12 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 724 ක් ලබා ගනිමින්.

එය බංග්ලාදේශ පිතිකරුවෙකු ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ලබා ගත් ඉහළම ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය වීම විශේෂත්වයක්.

නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් ස්ථාන 6කින් ඉදිරියට (සම 15 වැනි ස්ථානය දක්වා) පැමිණ තිබෙනවා.

ඔහු මේ වන විට ලොව හොදම ටෙස්ට් පිතිකරුවන් 15 දෙනා අතරට යළි පිවිස ඇත්තේ 2019 වසරේ අගෝස්තු මාසයෙන් පසුවයි.

දිමුත් කරුණාරත්න තවදුරටත් 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

බංග්ලාදේශයේ මුෂ්ෆිකර් රහීම් 17 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

මේ අතර, දෙවැනි ටෙස්ට් තරගයේ දී ශතකයක් වාර්තා කළ දිනේෂ් චන්දිමාල් 44 වැනි ස්ථානය දක්වා ස්ථාන 9කින් ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා.

ඕෂද ප්‍රනාන්දු 67 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 10කින්.

දෙවැනි ටෙස්ට් තරගයේ දී පන්දු යැවීමෙන් සුවිශේෂී දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක් හිමි කර දීමට දායකත්වය දැක් වූ වේග පන්දු යවන්නන් වන කසුන් රාජිත හා අසිත ප්‍රනාන්දු පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි කැපී පෙනන ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව රාජිත ස්ථාන 17කින් ඉදිරියට පැමිණ ඇත්තේ 44 වැනි ස්ථානය දක්වායි.

අසිත ස්ථාන 44කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 52 වැනි ස්ථානයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...