කෙටි කාලීන – දීර්ඝ කාලීන එකම ඉලක්කය ලෝක කුසලානයක් ජය ගැනීමයි : පාන්ඩ්යා

Date:

සිය මීළග ප්‍රධාන ඉලක්කය ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් ජය ගැනීම බව ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ නායක, ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා පවසනවා.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ජය ගැනීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

ගුජරාට් කණ්ඩායම අයි.පී.එල් තරගාවලියක් සදහා මෙවර ක්‍රීඩා කළේ පළමු වරටයි.

මංගල තරගාවලියේ දී ම පාන්ඩ්යාගේ නායකත්වය යටතේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගත්තේ අවසන් මහා තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

අවසන් තරගයේ දී පන්දු යැවීමෙන් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත් හර්ඩික් පාන්ඩ්යා, පිතිකරණයේ දී ලකුණු 34ක් රැස් කිරීමට ද සමත් වුණේ සිය කණ්ඩායමට ජයග්‍රහනයේ මාවත විවර කරමින්.

පාන්ඩ්යා අයි.පී.එල් ශූරතාවයක් දිනූ 5 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

“මීට කලින් මම දිනපු ශූරතා හතරත් එක වගේම විශේෂයි. IPL ජයග්‍රහණය කිරීම සැමවිටම විශේෂ දෙයක්. අවසන් තරග (අයි.පී.එල්) 5ක් ක්‍රීඩා කිරීමට ලැබීම වගේම පස් වතාවක් ශූරතාවය දිනා ගැනීමට ලැබීම ගැන බලනකොට මම හිතනවා මම ඉතාමත් වාසනාවන්තයි” යනුවෙන් හර්ඩික් පාන්ඩ්යා සදහන් කළා.

“නිසැකවම මෙය උරුමයක් ඉතිරි කරාවි, මොකද අපි අලුත් කණ්ඩායමක්, පළමු වරට ක්‍රීඩා කළේ, ඒ වගේම අපි පළමු තරග වාරයේම ශූරයින්. නමුත් මීට පෙර මා දිනූ ශූරතා හතරම එක හා සමානව විශේෂයි.”

කෙසේ වෙතත්, හර්ඩික් පාන්ඩ්යා පෙන්වා දෙන්නේ තම කෙටි කාලීන හා දීර්ඝ කාලීන අරමුණ වන්නේ ඉන්දියාව වෙනුවෙන් ලෝක කුසලානයක් ජය ගැනීම බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...