වනිදුගේ RCB පරදා රාජස්ථාන් රෝයල්ස් අවසන් මහා තරගයට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ (Playoffs) තෙවැනි තරගයෙන් (Qualifier 2) ජය වාර්තා කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට කුමාර් සංගක්කාර ප්‍රධාන පුහුණුකරු ලෙස හා ලසිත් මාලිංග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(27) සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 7කින් පරාජයට පත් වූයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.

රාජස්ථාන් කණ්ඩායම මෙලෙස අයි.පී.එල් තරගාවලියක අවසන් තරගයක් සදහා සුදුසුකම් ලබා ගත්තේ 2008 වසරේ පැවැති පළමු අයි.පී.එල් තරගාවලියෙන් පසුව වීම විශේෂත්වයක්. එම තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 157ක් ලබා ගත්තා.

විරාට් කෝලි ලකුණු 7කට දැවී ගියා. රාජත් පටිදාර් ලකුණු 58ක් රැස් කළේ පන්දු 42කින්. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්.

නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 25ක් ද, ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 24ක් ද රැස් කළා. වනිදු හසරංගට මෙම තරගයේ දී ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ප්‍රසිද් ක්‍රිෂ්නා හා ඔබෙඩ් මැකෝයි කඩුලු 3 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් රොයල්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 11ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

යළිත් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජොස් බට්ලර් පන්දු 60කින් ලකුණු 106ක් නොදැවී ලබා ගනිමින් සිය කණ්ඩායමට විශිෂ්ඨ ජයක් හිමි කර දුන්නා. හයේ පහර 6කින් හා හතරේ පහර 10කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

මෙය ජොස් බට්ලර් මෙවර තරගාවලයේ දී වාර්තා කළ සිව්වැනි ශතකය වීම විශේෂත්වයක්.

යශස්වි ජයිස්වාල් ලකුණු 21ක් හා සංජු සැම්සන් ලකුණු 23ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෂ් හේසල්වුඩ් කඩුලු 2ක් ද, වනිදු හසරංග ලකුණු 26කට එක් කඩුල්ලක් ද බිද හෙලුවා.

මේ වන විට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට ද සමත්ව ඇත්තේ වනිදු හසරංගයි.

ඔහු තරග 16 කට ක්‍රීඩා කර බිද හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 26ක්.

ඒ අනුව එළඹෙන 29 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී රාජස්ථාන් කණ්ඩායම ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...