ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමර්සෙට් හමුවේ පරදියි

Date:

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බ්‍රිතාන්‍ය තරග සංචාරය යටතේ සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායම සමග පැවැති 20යි 20 තරගයෙන් ලකුණු 66ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට මෙරට වේලාවෙන් අද(28) අලුයම සිදු වුණා.

Taunton හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි සමර්සෙට් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තා.

George Bartlett නොදැවී ලකුණු 82ක් ලබා ගත්තේ පන්දු 38ක් පමණක් වැය කරමින්. James Rew ලකුණු 47ක් හා ටොම් බැන්ටන් ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා. අශේන් ඩැනියල් හා මනෙල්කර් ද සිල්වා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැගී එන කණ්ඩායමට පන්දුවාර 17.3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි.

අශේන් බණ්ඩාර ලකුණු 38(36)ක් ලබා ගත්තා. නුවනිදු ප්‍රනාන්දු ලකුණු 21කටත්, නිපුන් ධනංජය ලකුණු 14කටත්, නිශාන් මදුෂ්ක ලකුණු 13කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී Lewis Goldsworthy හා Ben Green කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...