බින්දුවට දැවී ගොස් බංග්ලාදේශයෙන් ලෝක වාර්තාවක්

Date:

ශ්‍රී ලංකාව සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් තරග 1-0ක් ලෙස බංග්ලාදේශය ඊයේ(27) පරාජයට පත් වූයේ ශ්‍රී ලංකාවට එරෙහිව පළමු වරට ටෙස්ට් තරගාවලියක් ජය ගැනීමේ සිහිනය යළිත් බිද දමා ගනිමින්.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් එරට දී කිසිදු ටෙස්ට් තරගයක් පරාජයට පත්ව නොතිබීම ද විශේෂත්වයක්.

ටෙස්ට් ඉතිහාසයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරග සංචාරය ද ඇතුළු අවස්ථා 5කදී බංග්ලාදේශයේ තරග සංචාරවල නිරත වී තිබෙනවා.

2006 වසරේ දී හා 2008 වසරේ දී තරග 2-0ක් ලෙස ද, 2014, 2018 හා 2022 වසරවලදී 1-0ක් ලෙස ද ශ්‍රී ලංකාව අදාළ ටෙස්ට් තරගාවලි ජය ගනු ලැබුවා.

මහේල ජයවර්ධන (2006,2008), ඇන්ජෙලෝ මැතිව්ස්(2014) හා දිනේෂ් චන්දිමාල්ගේ(2018) නායකත්වය යටතේයි මීට පෙර ශ්‍රී ලංකාව එරට දී ටෙස්ට් තරගාවලි ජය ගෙන තිබුණේ.

මේ අතර, ඊයේ ඩකා හී දී නිමා වූ දෙවැනි ටෙස්ට් තරගයේ ඉනිම් දෙක තුළ දී බංග්ලාදේශ කණ්ඩායමේ පිතිකරුවන් අවස්ථා 9කදී ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා.

පළමු ඉනිමේ දී ලකුණු නොලබා දැවී ගිය පිතිකරුවන් 6 දෙනෙකු සිටි අතර, දෙවැනි ඉනිමේ දී පිතිකරුවන් තිදෙනෙකුට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ. මෙය ලෝක වාර්තාවක් සම කිරීමක් ද වනවා.

එලෙස ලකුණු බින්දුවට දැවී ගිය අවස්ථා 9ක් ටෙස්ට් තරගයකදී මීට පෙර වාර්තා වී තිබුණේ අවස්ථා දෙකකදී පමණයි.

1990 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ද ලකුණු නොලබා දැවී යාම් 9ක් වාර්තා වී තිබුණේ ඉන්දියාවට එරෙහිවයි.

එමෙන්ම 2000 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමෙන් ද ලකුණු නොලබා දැවී යාම් 9ක් වාර්තා වී තිබුණා. ඒ, ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරගයකදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...