අවසන් පන්දුවේ දී ශ්‍රී ලංකාව පරදියි ; තරගාවලියේ ජය 3-0ක් ලෙස පාකිස්තානයට

Date:

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට පාකිස්තාන කාන්තා කණ්ඩායම අද(28) සමත් වුණා.

ඒ, දෙරට පැවැති තෙවැනි හා අවසන් 20යි 20 තරගයෙන් පාකිස්තානය අවසන් පන්දුවේ දී කඩුලු 4ක තියුණු ජයක් වාර්තා කරමින්.

කරච්චි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8ක් දැවී ලකුණු 107ක් ලබා ගනිමින්.

ඒ, චමරි අතපත්තු හා හසිනි පෙරේරා අතර ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 11.1ක් තුළ ලකුණු 69ක සබදතාවයක් ගොඩ නැගුණු පසුබිමකයි.

හසිනි ලකුණු 24ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු 7 ලකුණු 14ක් තුළ බිද වැටීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට බෙහෙවින් බලපානු ලැබුවා.

අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 14ක් ද, සුගන්දිකා කුමාරි ලකුණු 10ක් ද රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු 8න් කඩුලු 5ක්ම දුවද්දී දැවී යාම් වීම විශේෂත්වයක්.

Tuba Hassan, Kainat Imtiaz හා Nida Dar කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Muneeba Ali ලකුණු 25ක්, Aliya Riaz ලකුණු 17ක් ලබා ගත්තා. නායිකා බිස්මා මරූෆ් නොදැවී ලකුණු 15ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් පන්දුවේ දී ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඕෂදී රණසිංහ ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් අතර, කවීෂා දිල්හාරි ලකුණු 28කට කඩුලු 2ක් බිද හෙලුවා. සුගන්දිකා කුමාරි පන්දුවාර 4 තුළ දී එක් කඩුල්ලක් දවා ගනිමින් ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 13ක් පමණයි.

අවසන් පන්දුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...