රහීම්ගේ ශතකය හමුවේ බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව අභිබවා යයි

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොංහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වැනි දිනය අදයි(18).

තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 6ක් දැවී ලකුණු 436 ක් ලබා සිටියා.

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 104යි.

දිවා ආහාරයේ සිට තේ පානය දක්වා වූ කාලය තුළ බංග්ලාදේශය කඩුලු 3ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 51ක්.

ලිටොන් දාස් ලකුණු 88 කටත්, ටමිම් ඉක්බාල් ලකුණු 133කටත් දැවී ගියා.

එම කඩුලු දෙකම දිවා ආහාරයෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දු දෙකෙන්ම දවා ගැනීමට කසුන් රාජිත සමත් වීම විශේෂත්වයක්.

ශකිබ් අල් හසාන් ලකුණු 26කට දැවී ගියා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 4ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 397ක් රැස් කළා. ඒ, ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ ලකුණු 199න් ශක්තිමත් වෙමින්.

ඒ අනුව බංග්ලාදේශය පළමු ඉනිමේ දී මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 39ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...