Watch : රහීම් දවා ගැනීමට ඇඹුල්දෙණිය යොමු කළ සුපිරි පන්දුව

Date:

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර චිතගොංහි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වැනි දිනය අදයි(18).

තේ පානයට පෙර සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළ මුෂ්ෆිකර් රහීම්ගේ කඩුල්ල තේ පානයෙන් පසුව යොමු කෙරුණු තෙවැනි පන්දුවාරයෙන්ම දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ වන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 105ක්.

ලසිත් ඇඹුල්දෙණිය යොමු කළ පන්දුවකට ස්වීප් පහරක් එල්ල කිරීමට යාමේ දී පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි රහීම් දැවී ගියේ.

බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් ටමිම් ඉක්බාල් ලකුණු 133ක් ද, ලිටොන් දාස් ලකුණු 88 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 4ක් දවා ගත්තා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 397ක්.

ඒ, ඇන්ජෙලෝ මැතිව්ස් වාර්තා කළ ලකුණු 199න් ශක්තිමත් වෙමින්.

රහීම් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...