Watch : බුවනේෂ්වර්ට එල්ල කළ වෝනර්ගේ අමුතු පහර

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 50 වැනි තරගය අද(5) රාත්‍රියේ දී මුම්බායිහි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

ඒ, දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දිල්ලි පිලට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 207ක් රැස් කළා.

ඒ, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ඩේවිඩ් වෝනර් හා රොව්මන් පවෙල් එක්ව ගොඩ නැගූ ලකුණු 122ක නොබිදුණු සබදතාවයෙන් ශක්තිමත් වෙමින්.

පන්දු 35ක් පමණක් වැය කරමින් රොව්මන් පවෙල් වේගවත් ලකුණු 67 ක් නොදැවී වාර්තා කළා.

වෝනර් පන්දු 58කින් නොදැවී ලකුණු 92ක් ලබා ගත්තේ සිය ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 12 ක් ඇතුළත් කරමින්.

තරගය අතරතුර දී වෝනර් එල්ල කළ සුවිශේෂී පහරක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.

බුවනේෂ්වර් කුමාර් යොමු කළ පන්දුවකට switch පහරක් එල්ල කිරීමට වෝනර් පළමුව උත්සාහ කළ නමුත්, පන්දුව එන දිශාව අනුව එම පහර එල්ල කිරීමට ඔහුට නොහැකි වුණා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ ඩේවිඩ් වෝනර් ක්ෂණයකින් සිය පහර වෙනස් කරමින් ෆයින් ලෙග් කලාපයට පන්දුව යොමු කරමින් ලකුණු 4ක් වාර්තා කිරීමට සමත් වුණා.

https://twitter.com/cric12222/status/1522250676231106562

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...