ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මාධ්‍යවේදී Boria Majumdar හට වසර දෙකක තහනමක් පනවා තිබෙනවා.
ඒ, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ව්රිධිමන් සහාව තර්ජනය කර බිය ගැන්වීමේ සිද්ධිය පදනම් කර ගනිමින්.
සම්මුඛ සාකච්ඡාවක් ලබා නොදීම නිසා මාධ්‍යවේදියෙකු තමාට බලපෑම් කළ බව ව්රිධිමන් සහා මීට පෙර චෝදනා එල්ල කර තිබුණා.
අනතුරුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කළ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ත්‍රිපුද්ගල කමිටුවට ඔහු විසින් සියලු තොරතුරු ලබා දී තිබූ අතර, ඒ අනුව සිදු කළ විමර්ශනයකින් පසුවයි එම මාධ්‍යවේදියාට වසර දෙකක තහනමක් පනවා ඇත්තේ.
මෙම තහනම අනුව මාධ්‍යවේදී Boria Majumdar හට වසර දෙකක කාලයක් යන තුරු ක්‍රිකට් තරග සදහා සම්බන්ධ වීමට මාධ්‍ය අවසරපත් ලබා ගැනීම, ලියාපදිංචි ක්‍රිකට් ක්‍රීඩකයින් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීම මෙන්ම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සමග හෝ ප්‍රාන්ත ක්‍රිකට් සංගම් සමග සම්බන්ධතා පැවැත්වීමට නොහැකි වනු ඇති.

