Watch : IPL ඉතිහාසයේ දෙවැනි වේගවත්ම පන්දුව උම්රාන් මලික්ගේ අතින්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ දී පන්දු යවන්නෙකු යවනු ලැබූ දෙවැනි වේගවත්ම පන්දුව යොමු කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක උම්රාන් මලික් අද(5) සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 50 වැනි තරගයේ දී යි.

මෙම තරගයේ දී සන්රයිසස් කණ්ඩායමේ ප්‍රතිවාදීන් වුණේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ සන්රයිසස් කණ්ඩායමේ නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව දිල්ලි පිලට ලබා දුන්නා.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 207ක් රැස් කළා.

දිල්ලි ඉනිමේ අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී යි උම්රාන් මලික් පැයට කිලෝ මීටර් 157ක වේගයෙන් පන්දුව යොමු කරමින් තමා විසින්ම පිහිටුවා තිබූ මෙවර තරගාවලියේ වේගවත්ම පන්දුවේ වාර්තාව යළි අලුත් කිරීමට සමත් වුණේ.

එම පන්දුවාරයේ පස්වැනි පන්දුව ද පැයට කිලෝ මීටර් 156ක වේගයෙන් ඔහු යොමු කරනු ලැබුවා.

අයි.පී.එල් ඉතිහාසයේ වේගවත්ම පන්දුව යොමු කිරීමේ වාර්තාවට හිමිකම් කියන්නේ ඔස්ට්‍රේලියාවේ ශෝන් ටෙයිට්.

ඔහු පැයට කිලෝ මීටර් 157.7 ක වේගයෙන් පන්දුව යොමු කරමින් එම වාර්තාව පිහිටුවා තිබුණා.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී උම්රාන් මලික් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 52ක් වාර්තා කිරීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...