විදෙස් යොවුන් ක්‍රීඩකයින්ගේ ද සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත පාකිස්තාන කනිෂ්ඨ ලීග් 20යි 20 (Pakistan Junior League) ක්‍රිකට් තරගාවලිය ලබන ඔක්තෝම්බර් පළමු වනදා ආරම්භ වන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසනවා
නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ තරගාවලිය ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගනයේ දී ඔක්තෝම්බර් 15 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බවයි.
තරගාවලියට ඇතුළත් තරග සංඛ්‍යාව 19ක්.
පළමු වරට සංවිධාන කරන මෙම තරඟාවලිය සඳහා කණ්ඩායම් හයක් එක්වීමට නියමිතයි.
එම කණ්ඩායම්වල හිමිකාරිත්වය ලබා ගැනීම සඳහා පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ කණ්ඩායම් හිමිකරුවන් තිදෙනකු ද මේ වන විට ඉදිරිපත්ව ඇති බව සඳහන්.
තරගාවලිය සදහා වයස අවුරුදු 15 – 19 අතර වයස්වල පසුවන ක්‍රීඩකයින් තෝරා ගැනිමටයි අවධානය යොමු කර ඇත්තේ.

