කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් බ්‍රිතාන්‍යයට

Date:

බ්‍රිතාන්‍යයේ සරේ ප්‍රාන්ත කණ්ඩායම විසින් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, මෙවර ප්‍රාන්ත සිව්දින තරගාවලිය යටතේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත තරග 3ක් සදහායි.

35 හැවිරිදි ග්‍රෑන්ඩ්හෝම් මේ වන විට නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 28කට හා සීමිත පන්දුවාර තරග 86කට ක්‍රීඩා කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක කෙමා රෝච් වෙනුවටයි කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් සරේ කණ්ඩායම සමග එක්වී ඇත්තේ.

සරේ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ තරගයක් අතරතුර දී කෙමා රෝච් ආබාධයකට මුහුණ දුන් අතර, ඒ හේතුවෙන් ඔහු මේ වන විට යළි කොදෙව් දූපත් වෙත පිටත්ව ගොස් ඇති බව සදහන්.

Gloucestershire, Northamptonshire හා Kent යන කණ්ඩායම් සමග ඉදිරියේ දී පැවැත්වෙන තරග සදහා ග්‍රෑන්ඩ්හෝම් ක්‍රීඩා කිරීමට නියමිතයි.

ඔහු මීට පෙර Warwickshire හා Hampshire යන ප්‍රාන්ත කණ්ඩායම් සදහා ද ක්‍රීඩා කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...