ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු බදවා ගන්නා බව එංගලන්තය තහවුරු කරයි

Date:

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සදහා හා සීමිත පන්දුවාර කණ්ඩායම සදහා ප්‍රධාන පුහුණුකරුවන් දෙදෙනෙකු බදවා ගන්නා බව එරට ක්‍රිකට් ආයතනය මේ වන විට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව අදාළ තනතුරු වෙනුවෙන් අයදුම්පත් කැදවීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මැයි 6 වැනිදා දක්වා අයදුම්පත් භාර ගැනීම සිදු කරනු ලබනවා.

අනතුරුව මැයි 9 වැනිදා හා 10 වැනිදා සම්මුඛ පරීක්ෂණ සිදු කරන බව සදහන්.

එළඹෙන ගිම්හාන තරග වාරයේ දී එංගලන්තය ක්‍රීඩා කරන පළමු ටෙස්ට් තරගය ජූනි දෙවැනිදා නවසීලන්තයට එරෙහිව ආරම්භ වීමට නියමිතයි.

මීට පෙර එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ටෙස්ට් හා සීමිත පන්දුවාර යන තරග රටා සියල්ලෙහිම වගකීම පැවරුණේ ක්‍රිස් සිල්වර්වුඩ් හටයි.

කෙසේ වෙතත්, අලුබදුන තරගාවලියේ දී එංගලන්තය ලැබූ දරුණු පරාජයත් සමග ඔහුව ධූරයෙන් ඉවත් කෙරුණු අතර, මේ වන විට ක්‍රිස් සිල්වර්වුඩ් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසයි කටයුතු කරන්නේ.

සිල්වර්වුඩ් එංගලන්තයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතරතුර දී කණ්ඩායමේ සහාය පුහුණුකරුවෙකු වූ පෝල් කොලින්වුඩ් එංගලන්ත කණ්ඩායමේ නිමා වූ කොදෙව් තරග සංචාරයේ වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළා.

එම තරග සංචාරයේ දී ද ටෙස්ට් තරගාවලිය තරග 1-0ක් ලෙස එංගලන්තය පරාජයට පත් වුණා.

මේ වන විට ජෝ රූට් ද ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්ව ඇති බැවින්, නව ටෙස්ට් නායකයෙකු පත් කිරීමට ද ඉදිරියේ දී එංගලන්ත ක්‍රිකට් බලධාරීන්ට සිදු වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...