Watch : ශතකලාභියාත් සුරංගට ගොදුරු වෙයි

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු පෙල සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය (County Championship) යටතේ බ්‍රහස්පතින්දා(7) ආරම්භ වූ ඩර්බිෂයර් හා මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම් අතර තරගයේ පළමු දිනයේ දී ඩර්බිෂයර් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2ක් දවා ගැනීමට සුරංග ලක්මාල් සමත් වුණා.

තරගයේ පළමු දිනය නිමා වන විට පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 307ක් ලබා සිටියා.

Joshua De Caires ලකුණු 80ක් හා Stephen Eskinazi ලකුණු 118ක් රැස් කළා.

ශතකලාභී Eskinazi ගේ කඩුල්ල හා ආරම්භක පිතිකරු Mark Stoneman ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණේ මෙම තරගයේ දී පළමු වරට ඩර්බිෂයර් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනූ ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල්.

ඔහු තරගයේ පළමු දිනයේ දී පන්දුවාර 22ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 77කට කඩුලු 2 දවා ගත්තා.

දෙවැනි කඩුල්ලේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...