Watch : ඩර්බිෂයර් වෙනුවෙන් සුරංග දවා ගත් මංගල කඩුල්ල මෙන්න

Date:

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පළමු පෙල සිව්දින ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය (County Championship) අද (07) ආරම්භ වුණා.

1890 වසරේ සිට පැවැත්වෙන ප්‍රාන්ත සිව්දින තරගාවලිය සදහා මෙවරත් කණ්ඩායම් 18 ක් තරග වදිනවා.

ඉන් කණ්ඩායම් 17ක් එංගලන්තයේ ප්‍රාන්ත කණ්ඩායම් වන අතර අනෙක් කණ්ඩායම වේල්සයට අයත්වනවා.

Division One හා Division Two ලෙස කාණ්ඩ දෙකක් යටතේ කණ්ඩායම් තරග වදිනවා.

මෑතකදි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද මෙම තරගාවලියට මෙවර ක්‍රීඩා කරනවා.

ඔහු නියෝජනය කරන්නේ ඩර්බිෂයර් ප්‍රාන්ත කණ්ඩායමයි. එම කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානී (Head of Cricket) ලෙස ශ්‍රී ලංකා හිටපු ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් කටයුතු කරනවා.

ඩර්බිෂයර් කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් මංගල තරගයට අද ක්‍රීඩා කරන අතර එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ මිඩ්ල්සෙක්ස් කණ්ඩායමයි.

තමා යොමු කළ දෙවන පන්දු වාරයෙන්ම සිය මංගල කඩුල්ල බිඳ හෙලීමට සුරංග සමත් වීම විශේෂත්වයක්.

මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු Mark Stoneman ලක්මාල්ගේ පන්දුවක් හමුවේ ශාන් මසූඩ් අතට උඩපන්දුවක් ලබා දෙමිනුයි දැවී ගියේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...