මහනුවර 288/2

Date:

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද(7) ගාල්ලේ දී ආරම්භ වුණා.

ඒ, මහනුවර කණ්ඩායම හා යාපනය කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය දිනූ මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව තරගයේ පළමු දිනය නිමා වන විට මහනුවර කණ්ඩායම සිය පළමු ඉනිම සදහා කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 288ක්.

ආරම්භක පිතිකරුවන් වූ කමිල් මිෂාර ලකුණු 56ක් හා කසුන් විදුර ලකුණු 71ක් රැස් කළා. ඔවුන් දෙදෙනා අතර පළමු කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 123ක්.

ඕෂද ප්‍රනාන්දු නොදැවී ලකුණු 91ක් හා කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 57ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා කඩුලු 2ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...