ඉන්ග්ලිස්ට පළමු වරට ජාතික කොන්ත්‍රාත්තුවක්

Date:

2022-23 වසර සදහා කොන්ත්‍රාත් ගිවිසුම් පිරි නැමූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩකයින් 20 දෙනෙකුට කොන්ත්‍රාත් ලබා දී ඇති අතර, කඩුලු රකින පිතිකරු ජොෂ් ඉන්ග්ලිස්ට පළමු වරට ජාතික කොන්ත්‍රාත්තුවක් හිමිව තිබීම විශේෂත්වයක්.

මර්කස් හැරිස්, මොයිසස් හෙන්රික්ස්, බෙන් මැක්ඩර්මට්, ජයි රිචර්ඩ්සන්, කේන් රිචර්ඩ්සන්, ඇෂ්ටන් ටර්නර් හා මැතිව් වේඩ් යන ක්‍රීඩකයින්ට මෙවර කොන්ත්‍රාත් අහිමි වී තිබෙනවා.

වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් පැටින්සන් ජාත්‍යන්තර පිටියෙන් සමු ගෙන ඇති බැවින් ද, හිටපු නායක ටිම් පේන් ක්‍රිකට් පිටියෙන් විවේකයක් ගෙන සිටින බැවින් ද නව කොන්ත්‍රාත් සදහා සුදුසුකම් ලබා තිබුණේ නැහැ.

Cricket Australia men’s contract list 2022-23:

Ashton Agar, Scott Boland, Alex Carey, Pat Cummins, Aaron Finch, Cameron Green, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Glenn Maxwell, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Mitchell Swepson, David Warner, Adam Zampa

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...