ඩී කොක්ගේ 80(52) ලක්නව් පිලට ජය ගෙනෙයි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට අද(7) සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 නිමා කළේ කඩුලු 3ක් දැවී ලකුණු 149ක් ලබා ගනිමින්.

ඩේවිඩ් වෝනර් ලකුණු 4කටත්, රොව්මන් පවෙල් ලකුණු 3කටත් දැවී ගියා.

ප්‍රිත්වි ෂෝ පන්දු 34කින් ලකුණු 61ක් ලබා ගනිමින් දිල්ලි ඉනිම ශක්තිමත් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 9ක් සමගින්.

නායක රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 39(36)ක් ද, සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 36(28)ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී රවී බිෂ්නෝයි ලකුණු 22කට කඩුලු 2ක් හා ක්‍රිෂ්නප්පා ගොව්තම් ලකුණු 23කට එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 4ක් දැවී සිටියදීයි. (155/4)

ආරම්භක කඩුල්ල සදහා ලකුණු 73ක සබදතාවයක් ගොඩ නැගීමට නායක කේ.එල් රාහුල් හා ක්වෙන්ටන් ඩී කොක් සමත් වුණා.

රාහුල් ලකුණු 24(25)කට දැවී ගිය අතර, ඩී කොක් පන්දු 52කින් ලකුණු 80ක් ලබා ගත්තේ සිය 18 වැනි අයි.පී.එල් අර්ධ ශතකය වාර්තා කරමින්. ඔහුගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 9කින් වර්ණවත් වුණා.

එවින් ලුවිස් ලකුණු 5කට දැවී ගියා. දීපක් හූදා ලකුණු 11යි.

ලක්නව් පිල ජයග්‍රහනය කරා රැගෙන ගිය කෘනාල් පාන්ඩ්යා නොදැවී ලකුණු 19(14)ක් හා අයුෂ් බදෝනි නොදැවී ලකුණු 10(3)ක් රැස් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් පන්දුවාර 3.4ක් තුළ ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.

අන්රිච් නොකියාට මෙම තරගයේ දී යොමු කිරීමට හැකි වූයේ පන්දුවාර 2.2ක් පමණයි. එහිදී ප්‍රතිවාදීන් ලකුණු 35ක් වාර්තා කිරීමට සමත් වුණා. නොකියා එම පන්දුවාර 2.2 තුළ පන්දුව තණතීරුවේ පතිත නොකර පිතිකරුවාගේ ඉනට ඉහළින් දෙවරක් යොමු කරමින් නිපන්දු දෙකක් (බීමර් පන්දු) යොමු කිරීම නිසා ඔහුට මෙම තරගයේ දී යළි පන්දු යැවීම තහනම් කිරීමටයි විනිසුරුවන් කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...