ඉන්දීය කණ්ඩායම අමෙරිකාවේ දී 20යි 20 තරග දෙකකට

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ලබන අගෝස්තු මාසයේ දී අමෙරිකා එක්සත් ජනපදයේ දී 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇති බව ඉන්දීය ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරග 3කින් හා 20යි 20 තරග 5කින් යුත් සීමිත පන්දුවාර තරග සංචාරයේ අවසන් 20යි 20 තරග දෙක මෙලෙස අමෙරිකාවේ දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

එංගලන්තයේ දී ටෙස්ට් තරගයකට හා සීමිත පන්දුවාර තරග 6කට ක්‍රීඩා කිරීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායම කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිතව ඇති බව සදහන්.

ඉන්දීය කණ්ඩායමේ කොදෙව් තරග සංචාරයේ තරග කාලසටහන මෙතෙන් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

ඉන්දියාවට එරෙහි තරගවලින් පසුව කොදෙව් ක්‍රීඩකයින් කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා එක්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...