මාලිංගගේ IPL වාර්තාව බිද වැටෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභීයා බවට පත් වීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන කොදෙව් ක්‍රීඩක ඩ්වේයන් බ්‍රාවෝ සමත් වුණා.

ඒ, මෙවර අයි.පී.එල් තරගාවලියේ 7 වැනි තරගයේ දී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 35කට එක් කඩුල්ලක් දවා ගැනීමට ඔහු සමත් වීමත් සමගයි.

ඒ අනුව බ්‍රාවෝ මේ වන විට අයි.පී.එල් ඉනිම් 150කදී බිද හෙලා ඇති කඩුලු ගණන 171ක්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කඩුලු 170ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ මෙතෙක් පෙරමුණේ පසු වුණා.

මාලිංග කඩුලු 170 දවා ගැනීම සදහා ක්‍රීඩා කර තිබූ ඉනිම් සංඛ්‍යාව 122ක්.

අයි.පී.එල් පිටියේ වැඩිම කඩුලුලාභීන් –

DJ Bravo – 171*
Lasith Malinga – 170
Amit Mishra – 166
Piyush Chawla – 157
Harbhajan Singh – 150

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...