ඔස්ට්‍රේලියාව පරදා පාකිස්තානයට ඓතිහාසික එක්දින තරග ජයක්

Date:

එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දී පාකිස්තාන කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම බ්‍රහස්පතින්දා(31) රාත්‍රියේ සමත් වුණා.

ලාහෝර් හී දී පැවැති තරගය ජය ගැනීමට පාකිස්තානයට ලකුණු 349ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන් එය පන්දුවාර 49ක් වැය කරමින් කඩුලු 4ක් පමණක් දැවී පසු කර ගියා.

ෆකාර් සමාන් ලකුණු 67යි. සුපිරි හඹා යාමකට පෙරමුණ ගත් ඉමාම් උල් හක් හා නායක බබාර් අසාම් පිළිවෙලින් ලකුණු 106(97)ක් හා ලකුණු 114(83)ක් රැස් කළා.

මොහොමඩ් රිස්වාන් ලකුණු 23කට දැවී ගිය අතර, කුෂ්දිල් ශාහ් නොදැවී ලකුණු 27යි.

පන්දු යැවීමේ දී ඇඩම් සම්පා ලකුණු 71කට කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව ලකුණු 348ක් රැස් කළේ කඩුලු 8ක් දැවී සිටියදීයි.

බෙන් මැක්ඩර්මට් ලකුණු 104(108)ක් රැස් කළා. ට්‍රැවිස් හෙඩ් ලකුණු 89(70)යි.

මර්නස් ලබුෂේන් ලකුණු 59(49)ක් ද, මර්කස් ස්ටොයිනිස් ලකුණු 49(33)ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී ශහීන් ශාහ් අෆ්රිඩි ලකුණු 63කට කඩුලු 4ක් දවා ගත්තා.

ඒ අනුව තරග 3කින් යුත් එක්දින තරගාවලිය මේ වන විට තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...