ලුවිස්, රාහුල්, ඩී කොක්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ලක්නව් කණ්ඩායමෙන් විශිෂ්ඨ හඹා යාමක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් විශිෂ්ඨ හඹා යාමක් සමගින් කඩුලු 6ක සුපිරි ජයග්‍රහනයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අද(31) සමත් වුණා.

මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමයි.

මෙම තරග ජය ලක්නව් කණ්ඩායම අයි.පී.එල් තරග පිටියේ වාර්තා කළ පළමු ජය ලෙසයි ඉතිහාසයට එක් වුණේ.

තරගයේ කාසියේ වාසිය දිනූ ලක්නව් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 210ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.

රොබින් උතාපා පන්දු 27කින් වේගවත් ලකුණු 50ක් රැස් කළ අතර, ශිවම් ඩූබේ පන්දු 30කින් ලකුණු 49ක් ලබා ගත්තා. මොයීන් අලී ලකුණු 35(22)යි.

පන්දු යැවීමේ දී අ‍වේශ් ඛාන්, ඇන්ඩෘ ටයි හා රවී බිෂ්නෝයි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. දුෂ්මන්ත චමීර යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 49ක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, ඔහුට කිසිදු කඩුල්ලක් දවා ගැනීමට හැකි වූයේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(211/4)

නායක කේ.එල් රාහුල් ලකුණු 40(26)ක් හා ක්වෙන්ටන් ඩී කොක් ලකුණු 61(45)ක් ලබා ගනිමින් ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 99ක සබදතාවයක් ද ගොඩ නගමින්.

අනතුරුව මනීෂ් පාන්ඩේ ලකුණු 5කටත්, දීපක් හූදා ලකුණු 13කටත් දවා ගනිමින් චෙන්නායි කණ්ඩායම යළි සටනට අවතීර්ණ වුණා.

කෙසේ වෙතත්, එවින් ලුවිස් පන්දු 23කින් වේගවත් ලකුණු 55ක් නොදැවී ලබා ගනිමින් ලක්නව් කණ්ඩායමට සුපිරි ජයග්‍රහනයක් රැගෙන ඒමට සමත් වුණා.

ඔහුට අනගි සහයක් ලබා දුන් අයුෂ් බදෝනි නොදැවී ලකුණු 19(9)යි.

පන්දු යැවීමේ දී ඩ්වේයන් ප්‍රෙටෝරියස් ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තා.

මෙම පරාජයත් සමග චෙන්නායි කණ්ඩායම මෙවර තරගාවලියේ දී මෙතෙක් ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත්ව ඇති අතර, එලෙස අයි.පී.එල් තරග වාරයක පළමු තරග දෙකම ඔවුන් පරාජයට පත් වූයේ ඉතිහාසයේ පළමු වරටයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...