NSL අවසන් පූර්ව තරග හෙට ඇරඹේ ; හිමිවන ත්‍යාග මුදල් මෙන්න

Date:

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග හෙට(31) ආරම්භ වනවා.

පළමු අවසන් පූර්ව තරගය සදහා තරග වදින්නේ කොළඹ හා යාපනය යන කණ්ඩායම්.

එම තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

මහනුවර හා ගාල්ල යන කණ්ඩායම් දෙවැනි අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබා තිබෙනවා.

එම තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.

තරගාවලියේ අවසන් මහා තරගය ලබන 7 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

මේ අතර, තරගාවලියේ ශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 50ක මුදලක් පිරිනැමීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අනුශූරතාවය දිනා ගන්නා කණ්ඩායමට රුපියල් ලක්ෂ 25ක මුදලක් පිරිනැමෙනු ඇති.

තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලබන ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ 5ක මුදලක් ද, හොදම පිතිකරුට හා පන්දු යවන්නාට රුපියල් දෙලක්ෂ පනස් දහස බැගින් ද හිමි වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...