ඕස්ට්‍රේලියාව 7 වැනි වරටත් අවසන් මහා තරගයට

Date:

නවසීලන්තයේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද(30) සමත් වුණා.

ඒ, වෙලින්ටන් හී දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 157ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 305ක් ලබා ගත්තා.

Rachael Haynes ලකුණු 85ක් ද, Alyssa Healy ලකුණු 129ක් ද රැස් කරමින් ඉනිමට විශිෂ්ඨ ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ලට ලකුණු 216ක සබදතාවයක් ගොඩ නගමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 37ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 148ක් පමණයි.

ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයක් සදහා සුදුසුකම් ලැබූ 7 වැනි අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...