නවතම ICC ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

අයි.සී.සී නවතම ටෙස්ට් හා එක්දින ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(30) නිවේදනය කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ උස්මාන් කවාජා ටෙස්ට් පිතිකරුවන් අතර 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

ඒ, පාකිස්තානය සමග නිමා වූ ටෙස්ට් තරගාවලියේ දී ලකුණු 496ක් ලබා ගනිමින් දැක් වූ ඉහළ දක්ෂතා හේතුවෙන්.

ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් 6 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, එංගලන්ත නායක ජෝ රූට් 4 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසුබැස ඇති අතර, ස්ටීවන් ස්මිත් හා කේන් විලියම්සන් පිළිවෙලින් දෙවන ස්ථානය හා තෙවන ස්ථානය දක්වා එක් ස්ථානය බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ මර්නස් ලබුෂේන් තවදුරටත් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවනවා.

පාකිස්තානයට එරෙහි තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 12ක් දවා ගත් ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ රැදී සිටිනවා.

මේ අතර, පාකිස්තානයට එරෙහි පළමු එක්දින තරගයේ දී කඩුලු 4ක් දවා ගනිමින් දැක් වූ දක්ෂතාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇඩම් සම්පා එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 6කින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඔහු මේ වන විට රැදී සිටින්නේ 9 වැනි ස්ථානයේ යි.

බංග්ලාදේශයේ ශකිබ් අල් හසාන් 8 වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ ඇති බව සදහන්.

නවසීලන්තයේ කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු ක්‍රීඩකයින් 10 දෙනා අතරට යළි ඇතුළත්ව ඇති අතර, ඔහුට හිමිව ඇත්තේ 7 වැනි ස්ථානයයි.

පන්දුවාර 20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පිතිකරණ අංශයේ 9 වැනි ස්ථානය පැතුම් නිස්සංකටත්, පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානය වනිදු හසරංගටත් හිමිව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...