ඇෆ්ඝනිස්තානයට නව ප්‍රධාන පුහුණුකරුවෙක්

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් තෝර්ප් පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කළ ස්ටුවර්ට් ලෝ වෙනුවටයි.

මීට පෙර දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලූස්නර් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඔහුගේ කොන්ත්‍රාත්තුව පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වුණා.

2019 ලෝක කුසලානයෙන් පසුව වසර දෙකකට වැඩි කාලයක් ක්ලූස්නර් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

මීට පෙර ග්‍රැහැම් තෝර්ප් එංගලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙසයි කටයුතු කළේ.

කෙසේ වෙතත්, ඕස්ට්‍රේලියාව සමග පැවැති අලුබදුන ටෙස්ට් තරගාවලියේ දී ලැබූ දරුණු පරාජයෙන් පසුව ඔහු එම ධූරයෙන් ඉවත් වුණා.

එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ග්‍රැහැම් තෝර්ප් ටෙස්ට් තරග 100කට හා එක්දින තරග 82කට ක්‍රීඩා කර තිබුණා.

ඇෆ්ඝනිස්තාන කණ්ඩායම එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3ක් සදහා ජූලි මාසයේ දී අයර්ලන්ත තරග සංචාරයක නිරත වීමට නියමිතව ඇති අතර, එය ඇෆ්ඝනිස්තාන පුහුණුකරු ලෙස ග්‍රැහැම් තෝර්ප්ට පැවරෙන පළමු වගකීම වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...