තවත් IPL තරග දෙකක් අද

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ තවත් තරග දෙකක් අද(27) පැවැත්වෙනවා.

දිනයේ පළමු තරගය ලෙසින් මෙවර තරගාවලියේ දෙවැනි තරගය අද පැවැත්වෙන්නේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතරයි.

එම තරගය පස්වරු 3.30ට මුම්බායි හි Brabourne ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ තෙවැනි තරගය අද රාත්‍රී 7.30ට පංජාබ් කිංග්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

එම තරගය පැවැත්වෙන්නේ මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී යි.

පංජාබ් කිංග්ස් කණ්ඩායම සදහා මෙවර තරග වාරයේ දී ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන අතර, බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග මෙවරත් ක්‍රීඩා කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...