මේයර්ස්ගේ කඩුලු 5 හමුවේ එංගලන්තය අවමන් සහගත පරාජයක් අභියස

Date:

සංචාරක එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(27) අලුයම නිමා වුණේ එංගලන්තයට අවමන් සහගත පරාජයකට මග පාදමින්.

දිනය නිමා වන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලබා සිටියේ ලකුණු 103ක් පමණයි.

ක්‍රිස් වෝක්ස් හා ජැක් ලීච් පිළිවෙලින් ලකුණු 9ක් හා එක් ලකුණක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඇලෙක්ස් ලීස් දෙවැනි ඉනිමේ දී ද ලකුණු 31ක් ලබා ගත් අතර, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 22කට දැවී ගියා. ඔවුන් දෙදෙනා හැර සෙසු කිසිදු පිතිකරුවෙකු ලකුණු 10 සීමාව පසු කර ගියේ නැහැ.

පන්දු යැවීමේ දී ක්යල් මේයර්ස් ලකුණු 9කට කඩුලු 5ක් දවා ගත්තා. ජෙයිඩ්න් සීල්ස් හා අල්සාරි ජෝසප් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 204ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව්වන් සිය පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 297ක්.

ඒ, ඔවුන්ගේ 6 වැනි කඩුල්ල ලකුණු 95ක්ව තිබියදී බිද වැටුණු පසුබිමකයි.

ජොෂුවා ද සිල්වා නොදැවී ලකුණු 100ක් වාර්තා කරමින් කොදෙව් ඉනිම ශක්තිමත් කළා. පන්දු 257කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 3ක් බිද හෙලූ අතර, ක්‍රෙයිග් ඕවර්ටන්, සකිබ් මහ්මූද් හා බෙන් ස්ටොක්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...